එජාපය හංසයා යටතේ පුළුල් පෙරමුණකින් - අගමැති අපේක්ෂක සජිත් : ජනාධිපති අපේක්ෂක රනිල් - Gossip Lanka News

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Saturday, November 10, 2018

එජාපය හංසයා යටතේ පුළුල් පෙරමුණකින් - අගමැති අපේක්ෂක සජිත් : ජනාධිපති අපේක්ෂක රනිල්


ඉදිරි මහ මැතිවරණය සඳහා 'හංසයා' ලකුණ යටතේ පුළුල් මහජන පෙරමුණක් ගොඩනැගීමට යෝජනා වී ඇතැයි එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
 අද (10) පැවති එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඉදිරි මහ මැතිවරණයට මුහුණදීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇති අතර ඒ සඳහා පක්ෂයට හා මැතිවරණ ව්‍යාපාරයට නව මුහුණුවරක් දිය යුතු බවට හරින් ප්‍රනාන්දු, හර්ෂණ රාජකරුණා හා සුජීව සේනසිංහ යන මහත්වරුන් අවධාරණය කර තිබේ.
එහිදී අදහස් දක්වා ඇති මංගල සමරවීර මහතා, ඉදිරි මහ මැතිවරණයට පුළුල් පෙරමුණකින් ඉදිරිපත්වීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇති අතර එහිදී මහ මැතිවරණය ගැන පමණක් නොව ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරය ගැන ද අවධානය යොමුකර තීන්දු තීරණ ගැනීමේ අවශතාවය පෙන්වා දී ඇත.
වත්මන් දේශපාලන අර්බුදය හමුවේ කතානායක කරු ජයසුරිය මහතා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කල කැපවීම අතිශයින් අගයකළ යුතු බවද මංගල සමරවීර මහතා මෙහිදී සඳහන් කර තිබේ.
ඉදිරි මහ මැතිවරණයට මුහුණදීම සම්බන්ධයෙන් 'ලංකා නිව්ස් වෙබ්' වෙත අදහස් දැක්වූ එජාප මන්ත්‍රීවරයකු පැවසුයේ, මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස කරු ජයසුරිය මහතා හෝ සජිත් ප්‍රේමදාස මහතා ද ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීම කෙරෙහි පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම වී ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here

Pages