එයාගේ ෆොටෝස් නිසා තමයි මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ - මහේෂි - Gossip Lanka News

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Thursday, December 20, 2018

එයාගේ ෆොටෝස් නිසා තමයි මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ - මහේෂි



ක්ෂේත්‍ර ගණනාවකම නිරත වන ශිල්පිනියක් තමයි මහේෂි බණ්ඩාර කියන්නේ. මියුසික් වීඩියෝ සහා ටෙලි නාට්‍ය කිහිපයකටත් මහේෂි මේ වනවිට දායක වෙලා තිබෙනවා. ඇයට ඉඩ වෙන් කරේ මේ විදිහට. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම මහේෂිකා බණ්ඩාර. මම වෘත්තීමය වෙඩින් ඇල්බම් ඩිසයිනර් කෙනෙක්. දැනට මම ස්ටූඩියෝ එකක් කරගෙන යනවා. ඒ අතර ෆොටෝග්‍රැෆි කරනවා. තව මොඩ්ලින් සහ ඇක්ට් කරනවා. ඒවා තමයි.
නිරූපණය සහ රංගනය පැත්තෙන් මොනවාද දායක වුණු නිර්මාණ? නාට්‍ය තුනකට විතර රංගනයෙන් දායක වුණා. මියුසික් වීඩියෝ කිහිපයකටත් දායක වෙලා තියෙනවා. මහාකාලී, සිහිනයක පැටළී වගේ නිර්මාණවලට දායක වෙලා තියෙනවා.
ක්ෂේත්‍ර කිහිපයකම වැඩ කටයුතු එකට කරන්නේ කොහොමද? ආශාව සහ උනන්දුව නිසා හැමදේම සමබරව කරගෙන යනවා. ප්‍රශ්න ඇතිවෙනවා, නමුත් අතපසුවීම් ඇතිවෙන්න දෙන්නේ නැහැ. එක එක ක්ෂේත්‍රවල තියෙන්නේ එක එක ප්‍රශ්නනේ. ඉතින් ඒවා හොඳින් විසඳගන්නවා.
රංගනයට සහ නිරූපණයට පිවිසිලා කොච්චර කාලයක් වෙනවාද?ෆොටෝග්‍රැෆර් කෙනෙක් සහ ඩිසයිනර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ අවුරුදු පහක විතර ඉඳලා. රංගනයට සහ නිරූපණයට ඇවිල්ලා මාස 08ක් විතර වෙනවා.
මේ පොඩි කාලේදි රංගනයෙන් සහ නිරූපණයෙන් ලැබුණු අත්දැකීම් කොහොමද? අත්දැකීම් නම් ගොඩක් තියෙනවා. ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. නිරූපණය පැත්තෙන් නම් ගොඩක් කට්ට කාලා තියෙනවා. ගොඩක් කතා අහලා තියෙනවා. ඉතින් හැමදෙයක්ම විඳ දරාගෙන වැඩ කරගෙන යනවා.
ප්‍රවීණයන්ගෙන් සහයක් ලැබෙනවාද? ඔව්. ලොකු සහයක් ප්‍රවීණ ශිල්පීන්ගෙන් ලැබෙනවා. මේ පොඩි කාලේට හඳුනාගත්තේ පොඩි පිරිසක් තමයි. නමුත් ඒ පිරිස මට ගොඩක් ආදරෙයි. ඒ මම ආඩම්බර නැති පාඩුවේ ඉන්න නිහතමානී කෙනෙක් නිසා වෙන්න ඇති.
මේ දේවල්වලට ගෙදරින් ලැබෙන සහය කොහොමද? ගෙදර අය සතුටුයි මගේ වැඩවලට. මම තනියෙන් වැඩවලට යන්නේ නැහැ. අම්මා හරි යාළුවෝ එක්ක හරි තමයි යන්නේ. මගේ වැඩ නිසා එයාලත් කට්ට කාලා තියෙනවා.
නිරූපණ ක්ෂේත්‍රය ගැන සමහර අය වැරදි විදිහට බලන්නේ ඇයි? ඔව්. අනිවාර්යෙන් මේ ක්ෂේත්‍රය ගැන ගොඩක් දෙනා වැරදි විදිහට බලන්නේ. ඒකට හේතු වෙලා තියෙන්නේ මේ ක්ෂේත්‍රයේ ඉන්න ක්ෂේත්‍රයේ වැඩ කරන අයම තමයි. ගොඩක් අය ඒ විදිහට බලන එක සාධාරණයි. මොකද කිහිපදෙනෙක් වැරදි දෙයක් කරාම හැමෝවම ඒ විදිහට සලකලා තමයි මිනිස්සු දකින්නේ.
ඉදිරි වැඩකටයුතු ගැන කතා කරොත්? මගේ වෘත්තීයේ වැඩකටයුතු ඉදිරියට කරගෙන යනවා. මොඩ්ලින් පැත්තෙන් හොඳ නිර්මාණවලට දායක වෙලා හොඳ නමක් තියාගෙන වැඩ කරනවා. පොඩි දෙයක් වුණත් හොඳ දෙයක් නම් කරනවා.
උදව් කරපු පිරිස ගැන කිව්වොත්? ප්‍රභාත් අයියාව මතක් කරන්න ඕනේ. එයාගේ ෆොටෝස් නිසා තමයි මම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. එතකොට ටීනා, දුලාංජලී සැලෝන් එකේ සිතූ, එතකොට ලසිත කාරියවසම් අයියා, අම්මා, යාළුවෝ හැමෝට ස්තූතියි කරනවා.
කැළුම් දේවින්ද
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here

Pages