පාතාල නායක ගනේමුල්ලේ සංජීවගේ ගිනි අවි ප‍්‍රසිද්ද පාසලක ක‍්‍රීඩා කාමරයෙන් හමුවේ - Gossip Lanka News

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Thursday, January 4, 2024

පාතාල නායක ගනේමුල්ලේ සංජීවගේ ගිනි අවි ප‍්‍රසිද්ද පාසලක ක‍්‍රීඩා කාමරයෙන් හමුවේ

 



පාතාල නායක ගනේමුල්ලේ සංජීවගේ ගිනි අවි ප‍්‍රසිද්ද පාසලක ක‍්‍රීඩා කාමරයේ

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව යන අපරාධකරුගේ ගෝලයෙකු වන දැනට විදේශගතව සිටින අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත මත්ද්‍රව්‍ය මුදල් එක්රැස් කරදීම සහ එම මුදල් උණ්ඩියල් ක්‍රමයට විදේශගත ජාවාරම්කරුවන් වෙත ලබාදීම සිදුකරන වත්තල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක ක්‍රිඩා භාර ගුරුවරයෙකු ටී 56 ගිනි අවියක්, මැගසින් 04ක්, උණ්ඩ 125 ක්, මි:මී:9 උණ්ඩ 18ක් සහ පොලිස් නිළධාරීන් භාවිතා කරනු ලබන ක්‍රීඩා ඇදුම් කට්ටලයක් සමගින් මහබාගේ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර ගුරුවරයා මෙම ගිනිඅවිය සහ උණ්ඩ පාසලේ ක්‍රීඩා කාමරයේ අල්මාරියක සඟවා තිබීයදී විමර්ශන නිළධාරීන් විසින් සොයා ගෙන ඇත.


වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ මහබාගේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් ප්‍රියදර්ශන නිළධාරියා ඇතුළු කණ්ඩායමක් විසින් සැකකරු සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here

Pages