මගේ නම හර්ෂි රසංගා. වයස 15. මම තවම පාසල් යනවා. - Gossip Lanka News

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Thursday, December 20, 2018

මගේ නම හර්ෂි රසංගා. වයස 15. මම තවම පාසල් යනවා.

කතාබහ. හර්ෂි රසංගා කියන්නේ තවමත් අධ්‍යාපනය හදාරන ළමා රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට කලා නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වී තිබෙනවා...
මේ දිනවල තිරගත වන උදුම්බරා සිනමා නිර්මාණයේ උදුම්බරාගේ කුඩා අවධියේ චරිතයට පණ පොවන්නේ හර්ෂි. ඉතින් හර්ෂි කතාබහට සම්බන්ධ වුණේ මේ විදිහට.
ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම හර්ෂි රසංගා. වයස අවුරුදු 15යි. මම තවම පාසල් යනවා. මම ඉගෙන ගන්නේ කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ. මගේ පවුලේ අයියයි, අක්කයි මමයි ඉන්නේ.
හර්ෂි රංගනයට සම්බන්ධ වෙන්නේ කොහොමද? මම පොඩි කාලේදී කමර්ෂල්වලට දායක වෙලා තියෙනවා. ඒ අවස්ථාව ලැබුණේ අපි අඳුනන අංකල් කෙනෙක් හරහා. ඊට පස්සේ ෆිල්ම් එකක් කරා. සිරස නාළිකාවේ ලයාල් අයියා හරහා සුජාතා ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. සුජාතා ටෙලි නාට්‍ය හරහා තමයි ගොඩක්ම ඉස්සරහට ආවේ.
උදුම්බරා චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබුණේ කොහොමද? ලයාල් අයියා සහ දේවා අයියා තමයි මට උදුම්බරා චිත්‍රපටයට සම්බන්ධ කෙරුවේ. ඊට පස්සේ චමන්ත්රාජ් අංකල් මට කතා කළා. ඊට පස්සේ තමයි මට චිත්‍රපටයේ රංගනයට අවස්ථාව ලැබුණේ. ඇත්තටම සතුටුයි ඒ වගේ චිත්‍රපටයකට දායක වෙන්න ලැබීම ගැන. මම තමයි උදුම්බරා චිත්‍රපටයේ උදුම්බරාගේ පොඩි කාලේ චරිතයට රඟපාන්නේ.
මේ වෙද්දි රංගනයෙන් දායක වෙලා තිබෙන නිර්මාණ ගැන කිව්වොත්? සිරසේ විකාශය වුණු සුජාතා, ස්වර්ණවාහිනියේ සමනල්ලු පියාඹයි සහ අනන්තයි කියන නාට්‍ය දෙක, රූපවාහිනියේ රැජිනියෝ, එතකොට ශ්‍රීපාලි හෙට්ටිආරච්චිගේ සුජාත පුත්‍ර චිත්‍රපටය සහ මේ දිනවල තිරගත වෙන උදුම්බරා යන නිර්මාණවලට දායක වෙලා තිබෙනවා.
අනාගතයේදී වෘත්තීමය රංගන ශිල්පිනියක් වෙන්නද බලාපොරොත්තුව? නැහැ. මම ව්‍යාපාරික කාන්තාවක් වෙන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. නමුත් ආශාව නිසා රංගනය පැත්තෙනුත් වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා.
කලා කටයුතු නිසා අධ්‍යාපන කටයුතු මගහැරෙන්නේ නැද්ද? සමහර වෙලාවට මග හැරෙන අවස්ථා අඩුයි. දැන් නම් මෙගා ටෙලි නාට්‍යවලට යන්නේ නැහැ. ගොඩාක් වෙලාවට තෝරලා බේරලා තමයි වැඩ කරන්නේ. මොකද මම ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන්න ඕන නිසා.
කලා කටයුතුවලට පාසලෙන් ලැබෙන සහයෝගය කොහොමද? පාසලෙන් හොඳ සහායක් ලැබෙනවා. විදුහල්පතිතුමිය මට අවසර දුන්නේ නැත්නම් මට කලා නිර්මාණවලට දායක වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ගුරුවරුත් මට මගහැරුණු පාඩමක් තියෙනවා නම් නැවත කියලා දෙනවා. යාළුවොත් එහෙමයි. ගොඩාක් උදව් කරනවා. නෝට්ස් එහෙම එවනවා.
ගෙදර අයගෙනුත් ලොකු සහයෝගයක් දෙනවාද? ඔව්. ඇත්තටම පවුලේ අය නිසා තමයි මෙහෙම තැනක ඉන්නෙත්. අම්මා, තාත්තා, අත්තම්මා හැමෝම ලොකු සහයෝගයක් දෙනවා මට. ඇත්තටම එයාලා තමයි මට වඩා කට්ට කන්නේ.
හර්ෂි පාසල තුළදිත් කලා කටයුතුවලට සම්බන්ධ වෙනවාද? මම පාසලේදී සංගීතය සහ නර්තන වැඩවලට සම්බන්ධ වෙනවා. නාට්‍යවලට නම් දායක වෙන්නේ නැහැ.
ඉදිරි බලාපොරොත්තු සහ ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්? ඉගෙන ගන්න ඕනේ. කලාවෙනුත් හොඳ තැනකට එන්න ආසයි. හොඳ නමක් තියාගෙන කලාවේ රැඳෙන්න ආසයි.
මේ ගමනට උදව් කරපු පිරිසක් ඇතිනේ. එයාලා ගැන කිව්වොත්? මුලින්ම මතක් කරන්න ඕනේ මගේ අම්මයි, තාත්තයි, අත්තම්මායි පවුලේ හැමදෙනාවම. එතකොට උදුම්බරා චිත්‍රපටයේ චමන්ත් රාජ් අංකල් සහ වැඩ කරපු හැමදෙනාවම, එතකොට ලයාල් අයියා, දේවා අයියා, පාසලේ හැමෝම සහ මට උදව් කරපු හැමෝටම මම ස්තුති කරනවා.
කැළුම් දේවින්ද / ඡායාරූප - සුමුදු හේවාපතිරණ
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here

Pages